FAST NEWS

24×7 Around the Globe

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වේ…

හිටපු අග්‍රාමාත්‍යවරයෙකුවු 83 න් වියැති රත්නසිරි වික්‍රමනායක මහතා  මිට සුළු වේලාවකට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී  අභාවප්‍රාප්ත වු බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පැවසීය.

2000 සහ 2001 යන වසරවල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ පළමු වරට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඒ මහතා 2005 මහින්ද රාජපක්ෂ රජයේ ද අග්‍රමාත්‍යවරයා විය.