FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට චීනයට පැවරෙන අගමැතිගේ ගිවිසුම හෙළි කරන්න – ජවිපෙ ජනපතිගෙන් ඉල්ලයි..

එළඹෙන ජනවාරි 07 වැනි දින හම්බන්තොට වරායේ අයිතිය චීන සමාගමක පවරන්නනාවු ගිවිසුමක් අත්සන් කරන බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කර ඇති බවත්, රටේ මහජන යහපත සඳහා පවතින මෙවැනි දේපලක් විකුණා දැමීම දැඩි ලෙස හෙළා දකින බවට පවසමීන් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාට ලිපියක් මගින් අවධාරණය කර සිටියි.

එසේම මහජන දේපලක් විදෙස් අයිතියකට පැවරෙන මෙම ගිවිසුම පාර්ලිමේන්තුව හමුවේ තබමීන් ජනතාව වෙත දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් ඊට කඩිනමීන් මැදිහත් වන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.