FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ නීති වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනයට පියවර..

පවතින මැතිවරණ නීති වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බවත් එ සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට නියමිත බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද සෘජු අවධානය යොමුව ඇති බව ද දේශප්‍රිය මහතා කීවේය.

ඒ අනුව දැනට පවතින මැතිවරණ නීති යල්පැන ගොස් ඇති බැවින් නව නීති සකස් කළ යුතු බවට කොමිෂන් සභාව තීරණය කර ඇත.

ලබන වසර තුළ එම නව මැතිවරණ නීති හා ඒවාට ලබාදෙන දඬුවම් පිළිබඳව විශේෂ තේරීම් කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට නියමිතව තිබේ.