FAST NEWS

24×7 Around the Globe

වැලැඩමීර් පුටින් මත්පැන් සඳහා දැඩි නීතිරීති පනවයි..

මත්පැන් සඳහා දැඩි නීතිරීති පැනවීමට රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් තීරණය කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ සුවඳ විලවුන් නිෂ්පාදනයට ගන්නා මෙතනෝල් වැනි රසායන ද්‍රවනයන් පාවිච්චි කිරීමට ජනතාව පුරුදු වීමයි.

සයිබීරියාවේදී මෙතනෝල් විෂවීමෙන් 72 ක්‌ මරුමුවට පත් වීමෙන් පසු පුටින් මෙම නීතිරීති පැනවීමට තීරණය කර තිබේ.

මෙම නව නීතිරීති ලබන 2017 වසරේ ජුලි මස සිට ක්‍රියාත්මක කෙරේ.

නීතිවිරෝධී ලෙස මත්පැන් නිපදවූ 12 ක්‌ අත්අඩංගුවට ගෙන ඇතැයි රුසියානු පොලිසිය පවසයි.