FAST NEWS

24×7 Around the Globe

සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනි, සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අද (26) පස්වරුවේ එතුමිය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මිය යන විට එතුමිය  81 වෙනි වියේ පසු වුණි.

ඇය නියෝජ්‍ය කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ මවයි.

Login

Comments