FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනා රිමාන්ඩි කෙරෙති..(update)

මීගමුව දුම්රිය පාර හා මහ පාර හරස් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්අධිකරණය අද (26) නියෝග කළේය.

+++++++++++++++++++++++++++++++++++(update)

නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ..

පෞද්ගලික බස් වර්ජනය පැවති පසුගිය දෙසැම්බර් 02 වැනිදා අධිකරණ නියෝග කඩකරමින් මීගමුව,ගල්කන්ද,දුම්රිය හරස් මාර්ගයේ විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් එක්සත් නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් නීතීඥවරුන් මාර්ගයෙන් අද (26) පෙරවරුවේ මීගමුව පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවයේ නිරතවීම මෙන්ම පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන්ද ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ.

මෙ වන විට අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.