FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සහෝදරයාගෙන් ප්‍රශ්න කරන්නැයි නියෝග…

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපතිවරයා ජනවාරි මස 06 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

සිද්ධිය වූ කාලසීමාවේදී නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති සුනිල් පෙරේරා  මහතා විසින් වසීම් තාජුඩීන්ගේ සහෝදරයෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එමෙන්ම වසිම් තාජුඩීන්ගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එම දෙපාර්තුමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර අධිකරණය ඊට අවසර ලබා දුන්නේය.