FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගී මාර්ගය වාර්තාගත ආදයමක් උපයයි..

2011 නොවැම්බර් 27 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතාව සතු කල පසු එක් දිනක් තුළ වාර්තා කළ වැඩිම ආදායම සෙනසුරාදා (24දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 තුළ වාර්තාකර ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා අධීක්ෂණ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

23 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 සිට 24 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වාහන 61,874ක් ධාවනය කර ඇති බවත් එම කාලය තුළදී රුපියල් මිලියන 18.85ක වාර්තාගත ආදායමක් උපයාගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

උත්සව සමය නිමිති කරගෙන වැඩි වැඩියෙන් අධිවේගී මාර්ගය භාවිතා කිරීමට රියදුරන් කටයුතු කරන නිසා සෑමවිටම තමන්ට අයත් මංතීරු භාවිත කරන ලෙසට අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

අධික ලෙස වාහන ගමන් කිරීම හරහා පිටවීමේ දොරටු අසල සහ පැමිණීමේ දොරටු අසල ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා අතිරේක දොරටු විවෘත කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.