FAST NEWS

24×7 Around the Globe

අනතුරට පත් රුසියානු යානයේ සුන්බුන් කළු මුහුදින් හමුවේ..

මගීන් 92 දෙනෙකු රැගෙන සිරියාව බලා ගමන් කරමින් සිටියදී ඊයේ (25) අළුයම අනතුරට පත් Tu-154 රුසියානු ගුවන් යානයේ සුන්බුන් සහ එතුළ ගමන් ගත් මගීන් 11 දෙනෙකුගේ සිරුරු කළු මුහුද ආසන්නයෙන් සොයාගැනීමට රුසියානු බලධාරීන් සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

සෝචි ගුවන් තොටුපළට ආසන්න වෙරළ තීරයෙන් යානයේ බඳ කොටස හමු ව ඇති බව සඳහන්.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී  නොමැති අතර රුසියා ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.

රුසියානු ජනාධිපතිවරයා විසින් අද (26) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි ද සඳහන් වේ.