FAST NEWS

24×7 Around the Globe

සුනාමි ඛේදවාචකයට වසර 12ක් සපිරේ…

 

සුනාමි ඛේදවාචකයට වසර 12ක් පිරීම නිමිත්තෙන් හෙට (26) දිනයේ දිවයින පුරා විශේෂ ආගමික උත්සවයක් සංවිධානය කර තිබේ.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම ආගමික උත්සව සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින දිවයිනට බලපෑ සුනාමි ඛේදවාචකය හේතුවෙන් 40,000කගේ ජීවිත අහිමි වු අතර තවත් විශාල පිරිසකට උන්හිටිතැන් අහිමි වුණි.

සුනාමි ඛේදවාචකය සිහිකිරීම සඳහා දිස්ත්‍රික් 25ම නියෝජනය වන පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීම යටතේ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.