අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීමේ කටයුතුවල පළමු අදියර ජනවාරි මස 02දා සිට 16දා දක්වා දිවයින පුරා පිහිටි පාසල් 87කදී සිදුකිරීමට නියමිතය.
ඒ අනුව ඇගැයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම පාසල් 68ක් වසා දැමෙන අතර කොටසක් පමණක් වසා ඇගැයීම් කටයුතුකරනු ලබන පාසල් සංඛ්‍යාව 19කි.
එමෙන්ම පළමු අදියර යටතේ ඇගැයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් ජනවාරි දෙවැනිදා ආරම්භ නොවන අතර නැවත පාසල් විවෘත වන්නේ ජනවාරි 16වැනිදා වේ.
මෙවර ලක්ෂ 158ක් ඉක්මවූ පිළිතුරු පත්‍ර ප්‍රමාණයක් විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබි ඇති අතර ඇගැයීම් කටයුතු සඳහා 62,000ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇතැයි මේ සම්බන්ධයෙන් රිවිර කළ විමසුමකදී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
එසේම දෙවන අදියරේ ඇගැයීම් කටයුතු සඳහා තවත් පාසල් 20ක සංඛ්‍යාවක් 21දා සිට 30දා දක්වා වැසීමට නියමිතව ඇත.
පළමු අදියරේ ඇගැයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් 68ක නම් පහත සඳහන් වේ.
කො/තර්ස්ටන් විද්‍යාලය-කොළඹ 3, කො/අශෝක විද්‍යාලය-කොළඹ 10, බප/ජය/බුවනෙකබා මහා විද්‍යාලය – මහරගම, හෝ/ජනාධිපති විද්‍යාලය – හෝමාගම, පිළි/පිළින්දල මධ්‍ය මහා විද්‍යාලය – පිළියන්දල, බප/හෝ/ ශාන්ත මරියා මහා විද්‍යාලය – අවිස්සාවේල්ල, බප/කළු/පානදුර බාලිකා මහා විද්‍යාලය – පානදුර, ක/සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය – මතුගම, බප/ගම්/ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය – ගම්පහ, බප/ගම්/සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය – ගම්පහ, බප/ගම්/සංඝබෝධි මහා විද්‍යාලය – නිට්ටඹුව/ බප/ගම්/ශාන්ත පීතර මධ්‍ය මහාවිද්‍යාලය – මීගමුව/ ගා/සවුත්ලන්ඩ් විද්‍යාලය – ගාල්ල/ ගා/උස්වතුන් හසනා මහා විද්‍යාලය – ගාල්ල, ගා/අනුලාදේවි බාලිකා විද්‍යාලය – ගාල්ල, ගා/ සුධර්මා විද්‍යාලය – ගාල්ල, මාර/කොටුව ජනාධිපති විද්‍යාලය – මාතර, මාර/ශාන්ත සර්වේශස් විද්‍යාලය – මාතර, මාර/ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය – මාතර, මාර/මාතර මධ්‍ය මහා විද්‍යාලය – මාතර, ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලය – අම්බලන්ගොඩ, ගා/ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය – ඇල්පිටිය, මාර/ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය – අකුරැස්ස, හ/ශාන්ත මේරි ජාතික පාසල – හම්බන්තොට, හ/නාකුළුගමුව ගාමිණී මහා විද්‍යාලය – තංගල්ල/ හ/තංගල්ල පිරිමි ජාතික පාසල – තංගල්ල, ර/රත්නපුර මිහිඳු විද්‍යාලය – රත්නපුර, ර/ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය – බළන්ගොඩ, කෑ/කෑගලු විද්‍යාලය – කෑගල්ල, පු/ශාන්ත ඇන්ඩෲ මධ්‍ය මහා විද්‍යාලය – පුත්තලම, කු/ ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය – කුරුණෑගල, කු/ශාන්ත ආනා මහා විද්‍යාලය – කුරුණෑගල, කු/ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය – කුරුණෑගල, නික/ මහසෙන් ජාතික පාසල – නිකවැරටිය, මහ/විහාර මහා දේවි බාලිකා විද්‍යාලය – මහනුවර, මහ/සීතාදේවි විද්‍යාලය – මහනුවර, මහ/වාරියපොළ ශ්‍රී සුමංගල මහා විද්‍යාලය – මහනුවර, මහ/විද්‍යාර්ථ මහා විද්‍යාලය – මහනුවර, මහා/ මහානාම මහා විද්‍යාලය – ගැටඹේ – මහනුවර, මහ/ ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලය – මහනුවර, මහ/බද්උද්දීන් මහමුද් බාලිකා විදුහල – මහනුවර, මහ/සරසවි උයන මහා විද්‍යාලය – පේරාදෙණිය, මහ/වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය – ගම්‍පොළ, මා/විජය ජාතික පාසල – මාතලේ, මා/ශාන්ත තෝමස් ජාතික පාසල – මාතලේ, නු/ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය – නුවරඑළිය, නු/ශාන්ත ජෝන් දොන් බොස්කෝ මහා විද්‍යාලය – හැටන්, නු/හයිලන්ඩ් විද්‍යාලය – හැටන්, අ/ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය – අනුරාධපුර, අ/වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය – අනුරාධපුර, පො/තෝපාවැව මහා විද්‍යාලය – පොළොන්නරුව, බ/විශාඛා බාලිකා ම.ම. විද්‍යාලය – බණ්ඩාරවෙළ, බ/විශාඛා උසස් බාලිකා විද්‍යාලය – බදුල්ල, බ/වැලිමඩ මධ්‍ය විද්‍යාලය – වැලිමඩ, මො/මහානාම මධ්‍ය මහා විද්‍යාලය – මොනරාගල, මො/මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය – වැල්ලවාය, ඇම්/ඩී.එස්. සේනානායක ජාතික පාසල – අම්පාර, ත්‍රි/ඕරීස්හිල් විවේකානන්ද විද්‍යාලය – ත්‍රිකුණාමලය, කල්/වෙස්ලි මහා විද්‍යාලය – කල්මුණේ, කල්/මහමුද් බාලිකා මහා විද්‍යාලය – කල්මුණේ, මඩ/ශාන්ත මයිකල් විද්‍යාලය – මඩකලපුව, මඩ/වින්සට් උසස් බාලිකා විද්‍යාලය – මඩකලපුව, කල්/අක්/අස්සිරාජ් මහා විද්‍යාලය – අක්කරෙයිපත්තුව/ වව්/දෙමළ මධ්‍ය මහා විද්‍යාලය – වවුනියාව/ කිලි/කිලිනොච්චිය මහා විද්‍යාලය – කිලිනොච්චිය, යා/යාපනය හින්දු විද්‍යාලය – යාපනය, යා/හින්දු බාලිකා විද්‍යාලය – යාපනය, යා/ නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය – නෙල්ලිඅඩි