FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමෙරිකා තනාපති ජාලිය වික්‍රමසුරීය යළි රිමාන්ඩ් කෙරේ…

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ජනවාරි මස 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ විසිදහසකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ.

සිද්ධියට අදාළව පසුගිය නොවැම්බර් මස 18 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.