FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත උතුරු සභාවෙනුත් විසි වෙයි..

උතුරු පළාත් සභාවේ අනුමැතිය සඳහා යොමුකරන ලද සංවර්ධන  විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද (23)පෙරවරුවේ මන්ත්‍රීවරු ඒකමතිකව ප්‍රතික්ෂේප කළේය.

ආණ්ඩුකාරවරයා විසින් පළාත් සභාවේ අනුමැතිය ලබාගනු පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් අද(23) පස්වරුවේ අරලියගහ මන්දීරයේදී පැවැත්වීමටද නියමීත වේ.

අදාළ පනත මගින් සංවර්ධන වැඩපිළිවෙළට පවතින බාධා ඉවත් කිරීම අපේක්ෂාව බව රජය අවාධරණය කර තිබුණී.

කෙසේ වුවද එම පනත් කෙටුම්පතෙක් සුපිරි බලතල සහිත ඇමතිවරයෙකු පත් කිරීම පිළිබඳව දක්වා නොමැති බව අමාත්‍ය මලික් සමරවික්‍රම  මහතාද ප්‍රකාශ කර තිබුණි.