FAST NEWS

24×7 Around the Globe

වේලාවට වැඩ කිරීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉදිරියට..

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, නියමිත වේලාවට වැඩ කරන ගුවන්සේවා අතරින් තවදුරටත් ඉදිරියට පැමිණීමට සමත් වී ඇතැයි වාර්තා වේ.

ලෝකයේ ගුවන්ගමන් දත්ත පර්යේෂණ සංවිධානයක් වන ‘ෆ්ලයිට්ස්ටැට්ස්’ (Flightstats) සංවිධානයේ නවතම දත්ත විශ්ලේෂණයට අනුව මේ බව හෙළිදරව් වී තිබේ.

මේ අනුව, නියමිත වේලාවට වැඩ කරන ලොව ගුවන්සේවා අතරින් නොවැම්බර් මාසයේදී 11 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් වී ඇත.

පසුගිය ජනවාරි මාසයේදී දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ලැයිස්තුවේ රැඳී ඇත්තේ 32 වැනි ස්ථානයේ ය.

තවද, නිසි වේලාවට වැඩ කරන ගුවන්සේවා එකතු අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා theoneworld එකතුවට ඇතුළත් ගුවන් යානා අතුරින් නියමිත වේලාවට වැඩ කරන සමාගම් ලැයිස්තුවේ මේ වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුවන්නේ සිවුවැනි ස්ථානයේය.