FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ට් ට්‍රම්ප් වැල්ඩැමීර් පූටින් සමග එකට එක කරයි ?

ඇමෙරිකා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ටික බලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කරන බව දේශපාලන විචාරකයින් පවසන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් රුසියා න්‍යෂ්ටික බලය වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු මේ තීරණය ගෙන ඇති බවද පැවසේ.

න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ආයුධ තරඟකාරීත්වය වැඩි වීමට මෙය හේතුවනු දේශපාලන විචාරකයෝ පවසන බවද සඳහන්.

රුසියාව සතු වූ ගෝලීය බලය නැවත ලබාගැනිමට පූටින් කටයුතු කරන අතර ට්‍රම්ප් නොබෝ දිනකින් ඇමෙරිකාවේ ජනාධිපති  ලෙස පත්වීමට නියමිතයි.

නව න්‍යෂ්ටික ප්‍රතිපත්තියක් ට්‍රම්ප් විසින් අනුගමනය කරනු ඇතැයි විචාරකයින් පැවසූවද ට්‍රම්ප් එය පැහැදිලිව පවසා නැත.