FAST NEWS

24×7 Around the Globe

2016 ඡන්ද හිමි නාම ලේඛන සහතික කිරීම අද…

සියලුම දිස්ත්‍රික්කවල 2016 ඡන්ද හිමි නාම ලේඛන සහතික කිරීම අද (23දා) සිදුකෙරේ.

ඉකුත් වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට 1,55,44,420 දෙනකුගේ නම් ඇතුළත්ව තිබූ බවත් 2016 නාම ලේඛනයට අලුතින් තවත් ලක්ෂ තුනක් පමණ නම් ඇතුළත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් සඳහන් කරයි.

මෙවර ඡන්ද හිමි නාම ලේඛනය වඩාත් නිරවද්‍ය නාම ලේඛනයක් වන බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

සියලුම දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසරිස් කාර්යාල එක පද්ධතියකින් සම්බන්ධ කිරීම නිසා එක් ඡන්දදායකයකුට ස්ථාන දෙකක ඡන්දය ලියාපදිංචි කර ගැනීමට තිබූ අවස්ථාව ඇහිරී ගොස් ඇති බැවින් වඩාත් නිවැරැදි ඡන්ද හිමි නාම ලේඛනයක් මෙවර එළිදැක්වීමට හැකිවී ඇති බවද මොහොමඩ් මහතා සඳහන් කරයි.

දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරු ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාම ලේඛන අනුමත කිරීමෙන් පසු සමස්ත ඡන්ද හිමි නාම ලේඛනය රාජගිරිය, මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ අධ්‍යක්ෂ ජනාරාල් විසින් සහතික කිරීමට නියමිතය.