FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 04 කින් පරදියි..

රජයේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඊයේ (22 දා) ඌව පළාත් සභාවේදී වැඩි ඡන්ද 4 කින් පරාජයට පත් විය.

රජය විසින් ඉදිරිපත් කරන ලද සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඌව පළාත් ආණ්‌ඩුකාර එම්. පී. ජයසිංහ මහතා විසින් අදහස්‌ විමසීම සඳහා සභාවට ඉදිරිපත් කර තිබිණි.

ඌව පළාත් සභාවේ සභාපති ඒ. එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමේදී මෙම කෙටුම්පතට පක්‍ෂ විපක්‍ෂව අදහස්‌ විමසූ අතර පනතට පක්‍ෂව ඡන්ද 09 ක්‌ සහ විපක්‍ෂව ඡන්ද 13 ලැබිණි.

එහිදී ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. එජාප මන්ත්‍රීවරු පනතට පක්‍ෂව ඡන්දය ලබාදුන්හ.