FAST NEWS

24×7 Around the Globe

දෙහි මිල රුපියල් 25 දක්වා ඉහලට…

වාර්තාගත අන්දමින් මේ දිනවල දෙහි මිල ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් තම ආර්ථිකය ශක්තිමත් වී ඇති බව දෙහි වගාකරුවන් පවසති.

පසුගිය කාලසීමාව තුළ පැවති නියඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල දෙහි වගාවන්ට හානි පැමිණුන අතර, අස්වනු අඩුවීමට මෙය ඝෘජු ලෙස බලපා තිබේ.

එම තත්ත්වය හමුවේ වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ මේ දිනවල වෙළඳපොලේ දෙහි ගෙඩියක් රුපියල් 25 ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙහි ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් පවතින බවද වාර්තා වේ.