FAST NEWS

24×7 Around the Globe

රතන හිමී සමඟ සෝමවංශ පිවිතුරු හෙටක් මාධ්‍ය හමුවක.

පිවිතුරු හෙටක් ජාතික සභාව සංවිධාන කරන මාධ්‍ය හමුවක් අද (06) පස්වරුවේ කොළඹ දී පැවැත්වුණා. ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ද එක්ව සිටීම විශේෂත්වයක්. ඉකුත් දා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වු ඒ මහතා, පසුව ජනතා සේවක පක්‍ෂය නමින් දේශපාලන පක්‍ෂයක් ද පිහිටු වනු ලැබුවා.