FAST NEWS

24×7 Around the Globe

කොළඔ ජාතික රෝහලේ ආපනශාලා ටෙන්ඩරයෙන් තේ කපා නේස්ටී මගඩියක් ?

කොළඔ ජාතික රෝහලේ ආපනශාලා ටෙන්ඩරයේ විකිණිම සඳහා අයිතම වර්ග 58ක් සඳහා මිල ගණන් කැදවා තිබූ අතර එම අයිතම අතර ප්ලේන් ටී සහ කිරිතේ සදහන් කර නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය  ලිපියක් මගින් අවධාරණය කර සිටියි.

ඒ වෙනුවට අදාළ ටෙන්ඩර් පති‍්‍රකාවේ සදහන් කර ඇත්තේ නෙස්ටී හා නෙස් කැෆේ සඳහා මිල ගණන් බව එම ව්‍යාපාරය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත ලිපියක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම නවතම ටෙන්ඩරය පසුගිය 2016 දෙසැම්බර් 15 දින විවෘත කරන ලද්දක් බවද එහි සඳහන්.

රුපියල් 15 ක මිලකට අලෙවි වන ප්ලේන්ටිය වෙනුවට රුපියල් 40 ක් ගෙවා නෙස්ටී හෝ නෙස් කැෆේ එකක් මිලදී ගැනීමට සැලැස්වූ නිලධාරීන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස එම ලිපිය මඟින් ඉල්ලීම් කර ඇත.

නෙස්ටී හා නෙස්කැෆේ රෝහල් තුළින් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාචිකව හා ලිඛිතව උපදෙස් දී තිබියදී මෙම ටෙන්ඩර් පති‍්‍රකාවට නෙස්කැෆේ හා නෙස් ටී ඇතුළත් කිරීම පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසද මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලිපිය පහතින්..