FAST NEWS

24×7 Around the Globe

බුලත්සිංහල කොබවක වැසියන් වෙනුවෙන් ඇමති පාලිත යළි වීදි බසියි..

බුලත්සිංහල කොබවක, උක්වැලි කන්ද රබර් ආයතනය නිසි කළමනාකරණයකින් තොරව නියමිත බැහැර කිරීමේ ක්‍රමවේදයන්ට පටහැනිව පරිසරයට විස රසායනික ද්‍රව්‍ය මුදාහැරීමට විරෝධය දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් එම කර්මානත් ශාලාව ආසන්නයේ විරෝධතාවක්  අද (21) ආරම්භ කර තිබේ.

මෙම හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග ,ළිං විනාශ වී ඇති බවත් ඔවුහු සෞඛ්‍ය  හා කායික පීඩා රැසකට මුහුණ දී ඇති බවත් පැවසේ.

ජනතාව චෝදනා කරන්නේ ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව දිගින් දිගට කරුණු පැහැදිලි කළද නිසි පාර්ශ්වයන්ගෙන් විසඳුමක් නොලැබුණ බවයි.

ඒ පිළිබඳව අවසන් විසඳුමකට පැමිණෙන තුරු නියෝජ්‍ය අමාත්‍යවරයා කර්මාන්ත ශාලාව ආසන්නයේ දිගටම රැදී සිටින බව වාර්තා වේ.

මේ හේතුව නිසා ප්‍රදේශයේ සමහරක් පවුල් සිය නිවෙස් පිටින්ම අතහැර දමාගොස් බවද පැවසේ.

මේ පිළිබද සොයා බැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා, මහජන සෞඛ්‍ය පරිෂකවරුන්ද එක්ව ඇත.