FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ…

අද උදෑසන (21)  දඹුල්ල ප්‍රදේශයේ  ව්‍යාපාරිකයෙකුට ගලේවෙල ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ ගොවිපළේදී කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

දඹුල්ල නගරයේ ඡායාරූප ශාලාවක් හා රසායනාගාරයක් පවත්වා ගෙන යන 38 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස මීය ගොස් ඇති බව පැවසේ.

ඔහු අද උදෑසන සිය දෙමාපියන් පදිංචිව සිටින ගොවිපළ වෙත පැමිණ යතුරුපැදියකින් නැවත ගමන් කරමීන් සිටයියදී කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබේ.

කෙසේ වෙතත් වෙඩි වැදුණු ව්‍යාපාරිකයාව දඹුල්ල රෝහලට රැගෙන එන විටද මියගොස් තිබු බව වැඩි දුරටත් වාර්තා වේ.