FAST NEWS

24×7 Around the Globe

තැපැල් වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ ගෙවීමට රට පුරා විශේෂ කවුළු..

තැපැල් සේවකයින් පසුගිය (19) වැනිදා මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ පැය 24 ක සංකේත තැපැල් වැඩ වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවීමේදී ජනතාවට දැඩි දුෂ්කරතාව මුහුණ සිදුවි ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම තත්වය අවම කිරීම සඳහා රථ වාහන දඩ මුදල් ගෙවීම සදහා සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා සියලූම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශේෂ කවුළු පිහිටුවීමට කටයුතු යොදා අති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ලිපි ලක්‍ෂ 15 කට වැඩි ප‍්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී ඇතැයිද වෘත්තීය සමිති පවසයි.

එසේම සිය ඉල්ලීම් සහිත සංදේශයක් පා ගමනකින් පැමිණ අද (21) දිනයේ ජනාධිපතිවරයා වෙත භාරදෙන බවද එම වෘත්ය සමීති පවසයි.