ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය මිහිතිලය මතින් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන බව අනාගත ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මනියේ, බර්ලීන් නගරයේදී සඳුදා (19දා) එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
එම බියගුළු ප්‍රහාරය අතිශය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වන ට්‍රම්ප්, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමට ඇමෙරිකාව සහ සාමයට ලැදි සහකරුවන් මෙහෙයවන බවද ඔහු සිය ප්‍රකාශය මගින් අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජර්මනියේ, බර්ලින් නගරයේදී එරට වේලාවෙන් සඳුදා රාත්‍රී 8.30 ට පමණ නත්තල් වෙළෙඳ සැණකෙළියක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වූ අතර, ඉන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
“බර්ලීන් නගරයේදී සිදුවූ සිත්පිත් නැති ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ ඥාතීන් සමග අපේ දහවත් මේ මෙහොතේ යා වෙනවා.
නත්තල් නිවාඩුවට සැරසෙන ඒ අසරණ ජීවිත රැසක් මහ මගදී මරා විනාශ කෙරුණා. ISIS හා අනෙකුත් ජිහාඩ් අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් තවදුරටත් කිතුණුවන්, ඔවුන්ගේ සමාජ සහ ඔවුන් වන්දනාමාන කරන ස්ථාන සිය ම්ලේච්ඡ ගෝලීය ජිහාඩ් අන්තවාදය හරහා විනාශ කරමින් සිටිනවා.
මේ ත්‍රස්තයන් සහ ඔවුන්ගේ කලාපීය හා ලෝක ව්‍යාප්ත ජාලය මේ මිහිතලයෙන් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමිය යුතුයි. ඒ සඳහා වූ මෙහෙයුම සාමයට ලැදි සහකරුවන් සමග එක්ව අප ඉතා ඉක්මණින්ම ක්‍රියාත්මක කරනවා” යනුවෙන් ට්‍රම්ප් අවධාරණය කර සිටියි.