FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය ලබන මැයි මාසයේදී නව ක්‍රමයට – ජනපති

ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන මැයි මාසයේදී කොට්‌ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හා දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් හමුවේ ඊයේ (20 ) පදනම් ආයතනයේදී ප්‍රකාශ කර තිබේ.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ පැවැති එම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉදිරි සති දෙක ඇතුළත උතුරු නැගෙනහිර ද ඇතුළු සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ආසන සංවිධායකවරුන් පත් කිරීමට කටයුතු කරන බවත් ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතු මාර්තු 31 වැනිදා වන විට අවසන් කරන බවත් ජනාධිපතිවරයා එම හමුවේදී ප්‍රකාශ කර තිබේ.