FAST NEWS

24×7 Around the Globe

වර්තමාන හවුල් ආණ්ඩුව නීති නවලා සයිට්ම් ආයතනය පවත්වගෙන යනවා – ජවිපෙ..

රටේ නිතී කඩලා පවත්වගෙන යන්න  රාජපක්ෂ ආණ්ඩු අවසර දුන්න සයිටම් ආයතනය වර්තමාන හවුල් ආණ්ඩුව විසින් නීති නමලා පවත්වාගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී බිමල් රත්තනායක මහතා අද (20) පැලවත්තේදී පැවතී මාධය හමුවකදී අවධාරණය කර සිටියේය.

2014 වර්ෂයේදී එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි එස්.බී දිසානායක මහතාගේ උපදෙස් මත 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනත කඩමීන්  සයිටම් ආයතනයට උපාධි ප්‍රදානය කිරීම සඳහා ගැසට් නිවේදනයක් මගින් අවසර ලබා දුන් බවද හෙතෙම මෙහිදි අවධාරණය කර සිටියේය.

එසේම වර්තමාන උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරි ඇල්ල මහතාට එම ගැසට් නිවේදනය අවලංගු කිරීමට හැකියාව තිබුණද ” ෙම්ක පහුගිය ආණ්ඩුව කරපු දෙයක් නිසා අපිට කරන්න දෙයක් නැතැයි ” එ මහතා පවසන බවද රත්නායක මහතා මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

සම්පුර්ණ කතාව පහතින්…