FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතනය ගැන ජෙනරාල් ජගත්ගෙන් පැය ගණනක් ප්‍රශ්න කරයි…

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණවලට අදාළව බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජෙනරාල් ජගත් ජයසූරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) පැය දෙකහමාරක් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ ඝාතනය සිදුවූ කාලයේ වන්නි අඥාපතිවරයාව සිටි ජෙනරාල් ජගත් ජයසූරිය බ්‍රසීලයේ සිට කැදව මෙසේ ඊයේ (19) ප්‍රශ්න කර තිබේ.

අදාල සිද්ධියට සම්බන්ධයෙන් දැනට ප්‍රශ්න කර ඇති හමුදා සාමාජිකයන් 17 දෙනා සම්බන්ධයෙන් සහ , ඒ සම්බන්ධයෙන් මීට පෙර ප්‍රශ්න කර තිබු හමුදා නිලධාරින් ලබා දී ඇති සාක්ෂි මත පදනම් වෙමින් මෙම ප්‍රශ්න කිරීම කර ඇති බව පැවසේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාව සිටියදී අදාළ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය දුන්නේද ඒ ලිඛිත ඉල්ලීමක් මතද යන්න ගැන ජෙනරාල් ජගත් ජයසූරියගෙන් විමසා ඇති බව සදහන්ය.

කෙසේ වෙතත් අවශ්‍ය වුවහොත් නැවත ප්‍රශ්න කිරීම සඳහා කැඳවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජෙනරාල් ජගත් ජයසූරියට දන්වා ඇත.