FAST NEWS

24×7 Around the Globe

මෙවර රාජ්‍ය නත්තල් උත්සවය 22 වැනිදා මීගමුවේදි..

මෙවර රාජ්‍ය නත්තල් උත්සවය අනිද්දා (22) වැනිදා පස්වරු 4.00ට මීගමුව මහ වීදියේ ශාන්ත මරියා දේවස්ථානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ උත්සවාකාරයෙන් පැවැත්වෙන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

මෙම රාජ්‍ය නත්තල් උත්සවයේ තේමාව වන්නේ ‘කිතු උපතින් නැවුම් වන මිනිසත් බවට ඉඩදෙමු’ යන්නයි. මෙම නත්තල් උත්සවය කැරොල් ගී ඇතුළු නත්තල් විශේෂාංගවලින් සමන්විත වන අතර, වසර මුළුල්ලේ පවත්වන ලද බයිබල් පාඨ, බයිබල් දැනුම මිනුම සහ මුද්දර නිර්මාණ ආදී තරගවල ජයග්‍රාහක සිසු සිසුවියන්ට තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදුවේ.