FAST NEWS

24×7 Around the Globe

තාක්ෂණවේදය විෂය නිසා මෙවර උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාදයි…

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබන ජනවාරි මස දෙවැනි සතියේ දී නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා මාධ්‍ය වෙත පැවසීය.

නව විෂය ධාරාවක් ලෙසට උසස් පෙළ විෂයයන් සඳහා එක්වූ තාක්ෂණවේදය විෂයයෙහි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සිසුන් තිස්දහසක් ඉදිරිපත් වී ඇති නිසා ප්‍රතිඵල නිකුත් කිරීම මෙතෙක් ප්‍රමාද වූ බවද ඔහු සඳහන් කළේය.

මෙවර අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ වභාගයට අයැදුම්කරුවෝ තුන්ලක්ෂ පහළොස්දහස් හයසිය පස්දෙනෙක් මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවෙති.