FAST NEWS

24×7 Around the Globe

නව පොල් ප්‍රභේදයක් ලබා දීමට සැලසුමක්…

 

දකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් පවතින වැලිගම පොල් කොළ මැලවීමේ රෝගයට ඔරොත්තු දෙන නව පොල් ප්‍රභේදයක් ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මගින් නිපදවා තිබේ.

එම ආයතනය සඳහන් කළේ හයිටොප්ලාස්මා නැමති ක්‍ෂුද්‍ර ජීවියෙකු මගින් ව්‍යාප්ත වන වැලිගම පොල්කොල මැලවීමේ රෝගයට නව ප්‍රභේදය සියයට 95 ක පමණ ප්‍රතිවිරෝධී බවයි.

වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය වැළඳීම නිසා කපා ඉවත් කරන ලද පොල් ගස් වෙනුවට මෙම නව පොල් ප්‍රභේදය ලබාදීමට සැළසුම් කර තිබේ.