FAST NEWS

24×7 Around the Globe

ලබන 1 වනදා සිට ලොතරැයියක මිල රුපියල් 30 ක් වෙයි…

 

දැනට රුපියල් 20 කට අලෙවි කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි ආයතනයේ සියලු ලොතරැයිපත් ලබන ජනවාරි 1 වනදා සිට රුපියල් 30 ක් වනු ඇති බව එම ආයතන දන්වා සිටී.

මුදල් අමාත්‍යංශයේ සිදු කළ සාකච්ඡාවකදී මෙම තීරණ වලට එළැඹ ඇති අතර
ලොතරැයි මිල වැඩි කිරීමෙන් පසු පාරිභෝගිකයින් ඒවා මිලට ගැනීම අඩුවේ යැයි අදහස් පළවී ඇති නමුත් ඒවා ප්‍රවර්ධනයට විශේෂ වැඩපිළිවෙල යොදාගත යුතු බවද එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.