FAST NEWS

24×7 Around the Globe

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා තැපැල් වැඩ වර්ජනයක්..

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 21දා මධ්‍යම රාත්‍රිය තෙක් දිවයින පුරා සියලු තැපැල් වෘත්තිය සමිති සංකේත වැඩ වර්ජනයක යෙදීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇත.

දැනට තැපැල් සේවයේ පවතින ගැටලු සහ අර්බුද 14ක් මුල් කර ගනිමින් ඔවුන් මෙම සංකේත වැඩවර්ජනයේ යෙදීමට ක්‍රියා කරන  එම පෙරමුණ පවසයි.

ඒ අනුව 6/2006 චක්‍ර‍ලේඛයට අනුව ඇති බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම, තැපැල් සේවයේ සියලු ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම, පත්වීම් උසස්වීම් ලබා දීමේදී විධිමත් කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම, තැපැල් සේවයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ඉල්ලීම් මීට ඇතුළත් වේ.

මීට පෙර සිදුකරන ලද වෘත්තීය අරගලයට අනුව පසුගිය ජූලි 16දා අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවක් මගින් අදාළ ඉල්ලීම් සියල්ල සති හයක කාලයකදී ඉටුකරන බවට වූ ‍පොරොන්දුවද පසුව එයට යළි මාස තුනක කාලයක් ඉල්ලා සිටි බවද

මේ අනුව ඊට පසුවද දිගින් දිගටම කාලය දීර්ඝ කිරීම් ඉල්ලා සිටි අතර සිය පෙරමුණ ඒ සියල්ලට නම්‍යශීලී වුවද සිය ඉල්ලීම් කිසිවක් ඉටු නොවූ බවද එම පෙරමුණ පවසයි.

ඒ අනුව දීර්ඝ ඉවසීමකින් පසුව අදාළ තීරණය ගනු ලැබූ අතර මෙම අරගලයටද බලධාරීන් පිළිතුරු ලබා නොදුනහොත් ජනවාරි මාසයේදී දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹන බවද වැඩි දුරටත් පැවෙස්.