FAST NEWS

24×7 Around the Globe

ජෙනරාල් ජගත් ජයසූරියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණවලට අදාළ ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම්දීම පරිදි බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජෙනරාල් ජගත් ජයසූරියව මෙරටට කැදවා ඇත.

ඒ අනුව ජෙනරාල් ජගත් ජයසූරිය අද (19) උදේ 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තාවේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මෙයට පෙර හමුදා නිලධාරින්ගෙන් සහ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කර ඇතත් ඊට අදාළව ප්‍රශ්න කරන ඉහළම හමුදා නිලධාරියා ජගත් ජයසූරියයි.