FAST NEWS

24×7 Around the Globe

හෙට සිට බත් පැකට්ටුවක මීල ඉහළ දැමේ..

හෙට (19දා) සිට ක්‍රියාත්මක වන පරිදි  බත් පාර්සලයක මිල රු. 10කින් ඉහළ දැමීමට සිදුව ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

හාල් මිල ඉහළ යෑම හේතුවෙන් මෙසේ බත් පාර්සලයක මිල ඉහළ දැමීමට එම සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව එළවළු බත් පාර්සලක මිල රු 100 සිට රු 110 දක්වාත්,  මාලු බත් පාර්සලයක මිල රුපියල් 130 සිට රු 140 දක්වාත්, කුකුළු මස් බත් පාර්සලයක මිල රු 160 සිට රු 170 දක්වාත් වැඩිවිමට නියමිය.