FAST NEWS

24×7 Around the Globe

එජාපයේ මැති ඇමැතිවරුන් 18දෙනකුට විශේෂ පුහුණුවක්..(ලැයිස්තුව)

රූපවාහිනී වාද විවාද වැඩසටහන්වලට සාර්ථකව මුහුණදීමට සහ ආණ්‌ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය ගැන ඒවායේදී කරුණු වඩාත් හොඳින් පැහැදිලි කිරීමට හැකි වන ලෙස එජාපයේ මැති ඇමැතිවරුන් 18දෙනකු අලුත් තොරතුරුවලින් සන්නද්ධ කිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ආණ්‌ඩුව නියෝජනය කරන එජාප නියෝජ්‍ය ඇමැතිවරුන් 07 දෙනකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනකු ආණ්‌ඩුවේ නව තොරතුරුවලින් යාවත්කාලීන කිරීම සිදු කිරීමට නියමිතය.

ඒ අනුව සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, රංජන් රාමනායක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, නලීන් බණ්‌ඩාර, අාශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ, බන්දුලාල් බණ්‌ඩාරිගොඩ, විජයපාල හෙට්‌ටිආරච්චි, කුමාර ඉඳුනිල්, එස්‌. එම්. මරික්‌කාර්, මුජිබර් රහුමාන්, අජිත් මාන්නපෙරුම ඇතුළු පිරිසක්‌ මීට ඇතුළත් බව ආණ්‌ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික මාධ්‍ය මධ්‍යස්‌ථානය මගින් මෙම මැති ඇමැතිවරුන්ට විශේෂ පුහුණුවක්‌ මෙන්ම ආණ්‌ඩුවේ වැඩපිළිවෙළේ නවතම තතු විස්‌තරවලින් මොවුන් සන්නද්ධ කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.