FAST NEWS

24×7 Around the Globe

කැලණි බාහිර උපාධි අපෙක්ෂක සිසුන්ගේ පෙත්සම විභාගය කිරිම කල් තැබේ…

කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ලියාපදිංචිය නොලද සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ජනවාරී 25දා කල් දැමීමට කටයුතු කළේය.

2014 වසර සඳහා ලියාපදිංචිය අහිමි වූ මෙම පෙත්සම්කාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ සිසුන් 14,000ක් පමණ බාහිර උපාධි අපේක්ෂකයින් ලෙසින් ඉල්ලුම් කර තිබූ බවයි.

ඉන් සිසුන් 2400ක් පමණ බාහිර උපාධි අපේක්ෂකයින් වශයෙන් ලියාපදිංචි කර ඇති බවත්, ඉතිරි එකළොස් දහසක පමණ අයදුම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, නීතිඥවරු සඳහන් කර සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය  ජනවාර 25 වනදා යළි පෙත්සම සලකා බලන බව පැවසීය.