FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවි සිසු මරණ වලට සැක පොලිසීයේ 05 යළි රිමාන්ඩ්…

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරින් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

එ අනුව ලබන 30 වන දින දක්වා අදාළ සැකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 21 වනදා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබුණි.

සිද්ධියට අදාළව එදින රථ වාහන රාජකාරියේ නිරතව සිටි යාපනය පොලිසියට අනුයුත්ත පොලිස් නිළධාරින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි.