FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති තිස්සට දියණීය බැලීමට යෑමට අවසර නොදෙයි…

කූට ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක දෙසැම්බර් 25 වැනි දා සිට ජනවාරි 13 වැනි දා දක්වා තම දුව බැලීමට ඕස්ට්‍රේලියා යාමට කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ අද (16)  ප්‍රතික්ෂේප කළේය.

විශේෂ හේතුවක් නොවන නිසාත් මාර්තු මස සිට නඩුව දිනපතා විභාග වන නිසාත් එම ඉල්ලීමට අවසර නොදෙන්නැයි නීතිපතිවරයා මෙම ඉල්ලීමට විරෝධය දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.