රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුව කරමින් තිබෙන්නේ රටේ ජනතාවට අයිති දේපළ විකුණා එදාවේල සරිකර ගැනීමක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
“රටේ වටිනා සම්පත්, රාජ්‍ය ආයතන විකුණා ඈවර කිරීම තමයි වර්තමාන ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වෙලා තියෙන්නේ. අපේ රට පාලනය කරපු පාලකයින් මීට කලිනුත් අපේ රටේ දේපළ විකිණීම මගින් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා මතයක් ගොඩනැගුවා. අද වර්තමාන ආණ්ඩුව අලූත් සංකල්පයක් ගෙනත් තිබෙනවා රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසාය කියලා. ඒ නමින් රාජ්‍ය දේපළ කොම්පැනිවලට විකුනන්න යනවා. මේ විදිහට එකම විස ටොපිය විවිධ දවටනවල ඔතලා ජනතාව ඉදිරියට ගෙනාවා”
“ආණ්ඩුවේ වෙන්දේසි ලැයිස්තුවේ ප‍්‍රධාන එකක් තමයි හම්බන්තොට වරාය. භූමි පිහිටීම අනුව හම්බන්තොට දියුණු කළ හැකි වරායක්. පිහිටීම අනුව වරායක් ඉදිකිරීම සඳහා මුලින්ම කැබිනට් පත‍්‍රිකාව ආවේ චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ. ඒ වෙනකොට අපිත් කැබිනට් එකේ හිටියා. නැව් තෙල් සැපයීම, ජලය, ආහාර වැනි සේවා සපයන වරායක් බවට පත්කිරීමට තමයි පළමු යෝජනාව තිබුණේ. නමුත් රාජපක්ෂ පාලනය භාණ්ඩ හුවමාරු කරන වරායක් බවට පත් කළා. දැන් හම්බන්තොට වරාය විකිණීමට ප‍්‍රධාන තර්ක දෙකක් ගේනවා. එකක් තමයි නැව් එන්නේ නැහැ කියන එක. අනෙක් කරුණ ණය බර. කුමන හෝ නැවක් වරායට ඇතුල් කරන විට එම වරායේ අයිතිය පිළිබඳව හොයා බලන්නේ නැහැ. ඒ නිසා වරාය විකුණුවා කියලා නැව් නැති එකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. නමුත් වරාය ආණ්ඩුව යටතේ තබාගෙන සේවා සපයන ස්ථානයක් ලෙස දියුණු කළ හැකි අතර එයින් විශාල ලාභයක් ලබා ගත හැකියි. එසේ තිබියෙදී තමයි විකුණන්න හදන්නේ” යැයි ද ජවිපෙ නායකයා මෙහිදී අවධාරණය කර සිටියේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.