FAST NEWS

24×7 Around the Globe

මැතිවරණය මාර්තු 31 වැනිදාට පෙර නිශ්චිතවම පවත්වනවා – ඇමති ෆයිසර්..

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර නිශ්චිත වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කොළඹ දී අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටුව ඔවුන්ගේ වාර්තාව තමාට ඉදිරිපත් කරන දිනට පසු දිනම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කරන බව ද හෙතෙම පැවසීය.

මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව මෙම මස 28 වැනිදාට පෙර තමාට ඉදිරිපත් කරන බව එම කමිටුව දන්වා ඇතැයි ද කී ඔහු ලබන 28 වැනිදාට පෙර කමිටු වාර්තාව තමාට ඉදිරිපත් නොකළහොත් එම කමිටුව සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය.