FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය සේවා DG වෛද්‍ය පාලිතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක්..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය රටවල බෝ නොවන රෝග, පාරිසරික සෞඛ්‍ය හා සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරයා ලෙස පත්කර තිබේ.

ඒ අනුව වෛද්‍ය පාලිත මහිපාල මහතා ඉන්දියාවේ හෙට (16) නවදිල්ලියේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග  ආසියානු කලාපයේ කාර්යාලයේදී නව තනතුරේ වැඩ බාරගැනීමට නියමිතය.

ඒ අනූව කලාපයට අයත් රටවල් 11ක ප්‍රධානියා ලෙස‍ ඔහු කටයුතු කරනු ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි තනතුරකට පත්වන පළමු නිලධාරියා ලෙසද ඔහු සැලකෙයි.

2011 දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වූ ඒ මහතා සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ අවුරුදු 30ක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.