FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යවරයා හා නාවික හමුදාපති අතර විශේෂ හමුවක්..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතර හමුවක් අද (15දා) ප.ව. 2.30ට අරලිය ගහ මන්දිරයේදී සිදුවීමට නියමිත බව වාර්තා වේ.

හම්බන්තොට වරායේ ඇතිවූ සිද්ධිය පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් සකස් කළ වාර්තා පෙරේදා ආරක්ෂක ලේකම්වරයාටත් ලබාදී ඇත.