FAST NEWS

24×7 Around the Globe

17 වැනිදා සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්…

 දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් එළැඹෙන 17 දා සිට අපෙක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුවඌව, උතුරු හා නැගෙනහිර පළාත් වල 17 දා යින් පසුව වැසි අපෙක්ෂා කළ බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි ඇතිවිය හැකිබව එම නිවේදනයේ දැක්වෙයි.

අද (15දා) මධ්‍යාහ්න 12ට නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ හෙට (16දා) සවස 2න් පමණ පසු බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත් වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයේ වැසි ඇතිවිය හැකි බවයි.