FAST NEWS

24×7 Around the Globe

ඇමතිනී තලතාගෙන් අල්ලස් කොමීසමට ලිපියක්..

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය මැදපෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන්ට රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දී එමගින් රු මිලියන 1500 වංචා කළ බව පවසමින් ඇයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සිදු කළහ.

එම පැමිණිල්ල පිළිබඳව කඩිනමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා අතුකෝරාළ මහත්මිය විසින් අල්ලස් කොමිසමට ලිපියක් යොමු කර ඇති අතර අද (14)එම ලිපිය එතුමිය වෙනුවෙන් එතුමියගේ නීතිඥයෝ අල්ලස් කොමිසමට බාර දීමට කටයුතු කළහ