FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් ඝාතනය අවස්ථාවේ පිටුපසින් ආ වාහනය ගැන විමර්ශනයක්..

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 26 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන්  රත්නායක මහතා නිතිපති වෙනුවෙන් පෙනී  සිටිමින්  තාජුඩීන්ගේ ඝාතනය සිදු වු අවස්ථාවේ දී  පිටුපසින් පැමිණී වාහනය පිළිබඳ පරික්ෂා කරන බව අධිකරණයට දැනුම් දීමට කටයුතු කළේය.