FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී හෙට මැලේසියා යයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හෙට (15)  පස්වරුවේ මැලේසියාව බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශ‍්‍රී ලංකා මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උළෙල, සංස්කෘතික ප‍්‍රසංග හා ආහාර ප‍්‍රදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිත ය.

මෙම සංචාරයේදී දෙරටට වැදගත් නව වෙළෙඳ ආයෝජන අවස්ථා දියුණු කිරීමේ ද්විපාර්ශික ගිවිසුම් කිහිපයකට ද එළැඹීමට නියමිත ය.

නිල සංචාරයේදී ජනාධිපතිවරයා මැලේසියානු රජු හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පවත්වනු ඇත.