FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස බිල් ඉංග්ලිස් පත් වෙයි…

නවසීලන්ත නව අගැමැති ලෙස බිල් ඉංග්ලිස් පත්වී ඇති බවත් ඔහු වෙලින්ටනයේ රාජ්‍ය මන්දිරයේදී දිව්රුම් දී ඇති බවද  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු නවසීලන්ත මුදල් ඇමති ලෙසත් උප අගමැති ලෙසත් කටයුතු කර තිබේ.

එසේම සමාජ හා නිවාස අමාත්‍ය පෝලා බෙනට්   උප අගමැති ලෙස පත් වී ඇත.

තමාට තනතුරින් ඉවත්වීමට සුදුසුම වේලාව මෙය බව කියමින් හිටපු අගමැති ජොන් කී ඉල්ලා අස්වු අතර නවකයකුට අවස්ථාවක් දීම සඳහා තමා එවැන්නක් සිදුකළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඔහු ඉල්ලා අස්වීමෙන් පසුව හිස්වූ අගමැති ධුරයට බිල් පත් කෙරුණී.