FAST NEWS

24×7 Around the Globe

අධිවේගයේ ගාස්තු ජනවාරියේ සිට පහළ දැමෙයි…

 

රාත්‍රී 9ත්, උදෑසන 5ත් අතර කාලය තුළ අධිවේගී මාර්ගයේ ගාස්තු පහළ දැමීමට අයවැයෙන් කළ යෝජනාව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

එහි සභාපති නිහාල් සූරියආරච්චි පැවසූයේ මීට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේදී නිකුත් කිරීමට නියමිත බවයි.

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය මගින් මෙම කාලය තුළ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී අය කෙරෙන ගාස්තුව රුපියල් 50කින් අඩු කිරීමට යෝජනා කරන ලදි.