FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාව මැදිහත්වීමෙන් හම්බන්තොට උද්ඝෝෂණය උණුසුම් වෙයි…

 

උද්ඝෝෂණයේ නිරත හම්බන්තොට වරායේ සේවකයින් ඉන් ඉවත් කිරීමට නාවික හමුදාව උත්සාහ කිරීමත් සමග එහි උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් එම වරායේ නාවික මෙහෙයුම් කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

තමන් වරාය අධිකාරියට අනුයුත්ත කරන ලෙස ඉල්ලා අද(10) මාගම්පුර කළමනාකරණ පුද්ගලික සමාගමේ සේවකයින් වර්ජනයක් ආරම්භ කරන ලදී.

සේවකයින් 483 දෙනෙකු මෙලෙස උද්ඝෝෂණයේ නිරතව සිටින අතර ඔවුන්ගේ ගැටළු විසඳීමට මැදිහත් වන ලෙස තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ(09) ඉල්ලීමක් ද කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අගමැතිවරයා එම අවස්ථාවේදීම මලික් සමරවික්‍රම ඇමතිවරයාට කතා කර එම ගැටළුව විසඳන ලෙසට දැනුම්දුන් බව ද හෙතෙම කීවේය.

හම්බන්තොට වරායේ කටයුතු චීන සමාගමක් හා එක්ව සිදුකිරීමට ගනු ලැබූ තීරණයත් සමග එහි සේවකයින් මෙලෙස විරෝධතා ආරම්භ කළේය.