FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් කථානායක අද හඳුන්වාදෙයි…

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සම්පාදනය කරන ලද ආචාරධර්ම පද්ධතියක් කථානායක කරූ ජයසූරිය මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියත් හඳුන්වාදිය යුතු බවට යෝජනා ඉදිරිපත් විය.

එම යෝජනා සැලකිල්ලට ගනිමින් කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

රජයේ නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම ආචාරධර්ම පද්ධතිය සකස් කර ඇති බව කථානායක කාර්යාලය ප්‍රකාශ කල අතර මෙම ආචාරධර්ම පද්ධතිය රජයේ නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කිරීමෙන් අනතුරුව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව විසින් එය සලකා බැලීම සිදුවේ.

ඒ අනුව අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන මෙම ආචාරධර්ම පද්ධතිය  ලබන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් සම්මත කරගැනීමට නියමිතය.